රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයාංග වීරතුංග අත්අඩංගුවට ගැනීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (16) විවෘත වරෙන්තුවක් නිකුත් කර ඇත.
එම නියෝගය නිකුත් කරමින් කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න සඳහන් කර ඇත්තේ අදාළ වරෙන්තුව ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් කරන ලෙසය.
2006 වසරේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් ගුවන් යානා මිලදී ගැනීමේදී බරපතල මුල්‍ය අක්‍රමිකතාවක් සිදුකිරීමට මැදිහත්ව ඇති බවට රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයාංග වීරතුංගට එරෙහිව චෝදනා එල්ලවී ඇති අතර අදාළ සිදුවීමේ සැකකරුවන් ලෙස යුක්රේනයේ පදිංචි පුද්ගලයන් 5 කට සහ සමාගමකට එරෙහිවද නොතීසි නිකුත් කරන ලෙස පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය අද අධිකරණයෙන් ඉල්ලා ඇත.
කෙසේ වුවත් අවස්ථා ගණනකදී උදයාංග වීරතුංග අදාළ චෝදනාවට අත්අඩංගුවට ගැනීමට පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඩුබායි වෙත ගියද ඒ කිසිඳු අවස්ථාවක් සාර්ථක වුයේ නැත.
මේ අතර රටින් රටට යමින් විටින් විට මාධ්‍ය නිවේදන නිකුත් කරමින් උදයාංග වීරතුංග සඳහන් කර සිටින්නේ තමන් වරදක් කර නොමැති බවත් ආණ්ඩුව දේශපාලන පළිගැනීමක් වෙනුවෙන් තමන් වෙත අභූත චෝදනා එල්ලකර ඇති බවය.
සබැඳි පුවත්
'ඡන්දයට පෙර උදයාංග කුදලගෙන එනු' - ඉහලින් නියෝගයක්
අත්අඩංගුවට ගැනීමේ පුවත අසත්‍යක් බව උදයංග කියයි
උදයාංග ගේන්න ගිය නිලධාරින් නැවතත් හිස් අතින් එයි

