හදිසි තත්ත්වය අදින් අවසන්

හදිසි තත්ත්වය අදින් අවසන්

මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ඇතිවූ ජාතිවාදී ප්‍රචණ්ඩ ක්‍රියා පාලනය කිරීම සඳහා පසුගියදා පනවනු ලැබූ හදිසි තත්ත්වය අදින් අවසන් වෙයි.

ඒ ව්‍යවස්ථාව අනුව මහජන ආරක්ෂක පනතේ දෙවන කොටස බලාත්මක කරමින් ජනාධිපතිවරයාට හදිසි තත්ත්වය ප්‍රකාශයට පත්කළ හැකි වන්නේ දින 10ක කාලසීමාවක් පමණක් වන නිසාත් මාර්තු 6 වෙනිදා සිට අදට (16) එම දින 10ක කාලය අවසන් වන නිසාත්ය.

ඒ අනුව තවදුරටත් රට තුළ හදිසි තත්ත්වය දීර්ඝ කිරීමට නම් ඊට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගත යුතුව ඇත.

මේ පිළිබඳ අප කළ විමසුමකදී ආරක්ෂක අංශ ප්‍රධානියෙකු සඳහන් කර සිටියේ මහනුවර ඇතුළු තදාසන්න ප්‍රදේශ වල මේ වන විට දෛනික කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බවය. එහෙත් හදිසි නීතිය තවදුරටත් පවත්වා ගෙන යනවාද නැද්ද යන්න තීරණය ගතයුතුව ඇත්තේ දේශපාලන බල අධිකාරිය විසින් බවද ඔහු පැවසීය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න