අගමැතිට එරෙහි විශ්වාසභංගය නැවතත් කරළියට : අත්සන් ගැනීම අද සිට

අගමැතිට එරෙහි විශ්වාසභංගය නැවතත් කරළියට : අත්සන් ගැනීම අද සිට

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ගෙන ඒමට යෝජිත විශ්වාසභංග යෝජනාවට අත්සන් ගැනීම අද (16) සිට ආරම්භ කරන බව ඒකාබද්ධ විපක්ෂය නිවේදනය කරයි.

අදාළ විශ්වාසභංග යෝජනාව ගෙන ඒම සම්බන්ධව පසුගිය් දින වල ඒකාබද්ධ විපක්ෂය තුළ අවස්ථා ගණනකදී සාකච්ඡාවී ඇති අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ විජේරාම නිවසේ අද පැවැත්වුණු සාකච්ඡාවේදී මෙම තීන්දුව ගෙන ඇත.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා සඳහන් කරන ආකාරයට මේ වන විටත් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේදී විශ්වාසභංග යෝජනාවට අත්සන් තැබීම අරඹා ඇති බවත් ඉදිරි දිනවල ආණ්ඩුව නියෝජනය කරමින් විශ්වාසභංග යෝජනාවට සහය පළකරන මැති ඇමතිවරුන්ගේ අත්සන් ලබා ගැනීමට නියමිතව ඇත.

එසේම අදාළ විශ්වාසභංග යෝජනාව එළඹෙන සතියේ කතානායකවරයාට ලබාදීමට අපේක්ෂා කරන බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න