රැකියා සඳහා විදේශගත වන්නන්ගේ ගැටළුවලට කඩිනම් විසඳුම්

රැකියා සඳහා විදේශගත වන්නන්ගේ ගැටළුවලට කඩිනම් විසඳුම්

රැකියා සඳහා විදේශගතවීමට අපේක්ෂාවනේ සිටින පිරිස් මුහුණ දී සිටින ගැටලු හඳුනාගෙන ඒ සඳහා කඩිනමින් විසඳුම් ලබා දීමට කටයුතු කරන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ  නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

මුදල් ආමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, පසුගිය 10 වනදා අරලියගහ මන්දිරයේදී පැවති විදේශ විනිමය ප්‍රවාහ කාර්ය සාධක බලකායේ ප්‍රගති සමාලෝචන රැස්වමට එක්වෙමින් අමාත්‍යවරයා මෙලෙස උපදෙස් ලබාදුන් බවයි.

විදේශ රැකියා වෙළඳපොළ තුළ ලාංකිකයින්ට වැඩි ඉල්ලුමක් ලැබී ඇති බැවින් ඊට යොමු වීම සඳහා යම් බාධාවන් ඇත්නම්, හැකි ඉක්මනින් ඒවා ඉවත් කිරීමේ අවශ්‍යතාව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර තිබේ.

ඒ අනුව විදෙස්ගත වීමට අපේක්ෂිත පිරිසට ආසන පහසුකම් හිඟවීම පිළිබඳ ගැටලුව කෙරෙහි ද මෙහිදී අමාත්‍යවරයාගේ අවධානය යොමු වී තිබේ.

පසුගිය වසරේදී වෙළඳ භාණ්ඩ අපනයනයෙන් ලද ආදායමේ මාසික සාමන්‍ය අමෙරිකානු ඩොලර් මිලියන 840 ක් බවත් 2021 වසරේ මුල් මාස 8 තුළ එය එක්සත් ජනපද ඩොලර් මිලියන 986 ක් දක්වා වර්ධනය කරගෙන ඇති බව ත් මෙහිදී අනාවරණය වී තිබේ.

තව ද අපනයන ක්ෂේත්‍ර යේ වර්ධනය අඛණ්ඩව පවත්වා ගනිමින් ආර්ථිකය ශක්තිමත් කරන අතර ම රට තුළ ක්‍රියාත්මක සංවර්ධන කටයුතු ද අඛණ්ඩව ඉදිරියටගෙන යන බව මුදල් අමාත්‍යවරය මෙහිදී වැඩිදුරටත් පවසා තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න