රටේ පවතින ආර්ථික අර්බූදය හමුවේ මෙතෙක් තුන් වේලක් කෑ ජනතාවට ඇතැම් විට දෙවේලක් කා කැපකිරීමක් කිරීමට සිදුවනු ඇති බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර පවසයි.
මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළ අතර මෙම තත්ත්වය කෙටි කාලයක් පමණක් පවතිනු ඇති බවත්, ආර්ථිකය හරි අතට පැමිණි වහා ජනතාවට සහන ලබා දිය හැකි බවද කීය.
මන්ත්‍රීවරුන්ද වැටුප පරිත්‍යාග කරමින් කැපකිරීමක් කර ඇති බවද ඔහු පැවසීය.
ආණ්ඩුවට හැකියාව තිබුණා නම් දෙදහසක් නොව විසි දාහක් වුවත් දෙන බවත් අවාසනාවකට ඒ හැකියාව නැති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
