සයිනොෆාම් දුන්න පිරිසකට තෙවන මාත්‍රාවක් දෙන්න වෙයි !

සයිනොෆාම් දුන්න පිරිසකට තෙවන මාත්‍රාවක් දෙන්න වෙයි !

 ශ්‍රීලංකා වෛද්‍ය සංගමය ඉල්ලා ඇත්තේ සයිනොෆාම් එන්නත් දෙකම ලබාදුන් නමුත් 60 ට වැඩි වැඩිහිටි ප්‍රජාවට සහ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල පිරිස වෙත තෙවන මාත්‍රාවක් ලබාදීමට අවශ්‍ය බවයි.

එම සංගමය නිර්දේශ කරන්නේ මේ සඳහා ඇස්ට්‍රාසෙනෙකා, ෆයිසර් හෝ මොඩර්නා යන එන්නත් වර්ග භාවිත කරන ලෙසය.

බහරේන රාජ්‍යයේ සිදු කරන ලද පරීක්ෂණයක දත්ත උපුටා දක්වමින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය මේ නිර්දේශ ඉදිරිපත් කර ඇත.

ඊට අනුව සයිනෝෆාම් එන්නත් ලබාගත් අවුරුදු 50 වැඩි පුද්ගලයින් මරණයට පත්වීම සහ රෝහල් ගතවීමේ අනුපාතය ඇස්ට්‍රාසෙනෙකා, ෆයිසර් සහ මොඩර්නා යන එන්නත් ලබාගත් අයට සාපේකේෂව ඉහළ අගයක් ගන්නා බව අනාවරණය කරගෙන ඇත.

තවද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය කරන ලද පරීක්ෂයකින් ද අනාවරණය කරගෙන ඇත්තේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාගත් 60 වැඩි පුද්ගලයින් සෑම කෙනෙකුගේම ප්‍රතිදේහ නිපදවෙන බවටත් සයිනෝෆාම් එන්න ලබාගත් සියයට 7%කට එම තත්ත්වය ඇති නොවන බවත් සනාථ වී ඇති බව යැයිද ලංකා වෛද්‍ය සංගමය පෙන්වා දෙයි.

මෙම පර්යේෂණ පදනම් කර ගනිමින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසන්නේ, 18ත් 60ත් අතර බරපතල රෝග තත්ත්වයන් නොමැති සියලුම පුද්ගලයින්ට සයිනෝෆාම් එන්නත ලබාදෙන ලෙසයි .

12 ත් 18 ත් අතර රෝගී තත්ත්වයන් සහිත දරුවන්ට ෆයිසර් එන්නත් මාත්‍රා දෙකක් නිර්දේශ කරන බව ද ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සඳහන් කරයි.

තවද ස්පුට්නික් පළමු මාත්‍රාව ලබා සිටින පුද්ගලයින්ට එහි දෙවන මාත්‍රාව ලබාදිය නොහැකි නම් ඒ වෙනුවට ඇස්ට්‍රාසෙනෙකා, ෆයිසර් හෝ මොඩර්නා එක් මාත්‍රාවක් ලබාදෙන ලෙසත් වෛද්‍ය සංගමය ඉල්ලා ඇත.

ඇස්ට්‍රාසෙනෙකා, ෆයිසර් සහ මොඩර්නා එන්නත්වල සඵලතාවය අවම වශයෙන් මාස 06 ක් පවතින බවට සනාථ වී ඇති බැවින් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ මාත්‍රා දෙකම ලබා සිටින 60 වැඩි පුද්ගලයින් සඳහා අවම වශයෙන් දෙවන මාත්‍රාවෙන් මාස 6 කට පසු එම වර්ගයෙන්ම හෝ වෙනත් වර්ගයකින් තුන්වන මාත්‍රාවක් දිය යුතු බව ද ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ නිර්දේශ අතරට ඇතුළත් වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න