මංගල - මා ආදරණීය මිතුර, සොයුර, සටන් සගය ! - CBK

මංගල - මා ආදරණීය මිතුර, සොයුර, සටන් සගය ! - CBK

අභාවප්‍රාප්ත හිටපු මුදල් අමාත්‍ය මංගල සරමරවීර සම්බන්ධව "නිදහස, අවංක පාලන ක්‍රමයක්, සියල්ලන් එක්සත් කරන සහ විවිධත්වය ගරු කිරීම ඉහළින්ම රජයන රටක් - දේශපාලනඥයින්ට නොව තම ජනතාවට සැබැවින්ම සලකන පාලන ක්‍රමයක් සහිත රටක්- මේ සියල්ලේ සංකේතය ඔබයි." යනුවෙන් සංවේදී සටහනක් සිය ෆේස්බුක් පිටුවේ තැබීමට හිටපු ජනාධිපතිනි, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග කටයුතු කර ඇත.

අදාළ ෆේස්බුක් සටහන පහත දැක්වෙයි.

මංගල - මා ආදරණීය මිතුර, සොයුර, සටන් සගය !

මේ අඳුරු දිනයේ ඔබ ජීවිත සටන පරාජය වී ඇත. ඔබේ ඥාතීන් සහ මිතුරන් ඔබව ජීවත් කිරීමට ඔබ සමග සටන් කළහ. කඳුළු සැලූහ. අපි ද ඒ සටහ පැරදුණෙමු. මංගල, ඔබ මිය ගොස් නැත. ලංකාව සහ ලෝකය පිළිබඳ ඔබ තුළ පැවති අසාමාන්‍ය දර්ශනය ජීවත් වනු ඇත. අපි උරෙනුර ගැටී කළ සටන සදාකල්හි ජීවත් වනු ඇත. ආදරණීය මංගල, වඩා හොඳ ශ්‍රී ලංකාවක් ගොඩනැගීම වෙනුවෙන් සිදු වන සෑම සටනකම ඔබ ජීවත් වනවා නිසැකය. නිදහස, අවංක පාලන ක්‍රමයක්, සියල්ලන් එක්සත් කරන සහ විවිධත්වය ගරු කිරීම ඉහළින්ම රජයන රටක් - දේශපාලනඥයින්ට නොව තම ජනතාවට සැබැවින්ම සලකන පාලන ක්‍රමයක් සහිත රටක්- මේ සියල්ලේ සංකේතය ඔබයි. අසාධාරණය, දූෂණය සහ භීෂණයට එරෙහිව නැඟී සිටින සියල්ලන්ගේ හදවත්වල සහ ක්‍රියාවන් තුළ ඔබ ජීවත් වනු ඇත. විවිධ කැබිනට් අමාත්‍ය ධුර දරමින් අප දේශය වෙනුවෙන් සිදු කළ ඉමහත් සේවය මම සදා සමරමි. ජාතික සන්නිවේදන සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රය නවීකරණය කිරීමට ඔබ නායකත්වය ලබා දුන්නේය. අඳුරු අගාධයකට ඇද දමා තිබුණු අප රටේ විදේශ සබඳතා විශාල වශයෙන් යළි දියුණු කළ ඔබ, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වේදිකාව කරා යළි ගෙන යමින් ප්‍රෞඪ සහ ශක්තිමත් දේශයක් බවට අප රට පත් කළේය. මේ සියල්ල ඔබ සිදු කළේ මහා අභියෝග සහ අවධානම්වලට නොබියව මුහුණ දෙමිනි. මේ සියලල්ටම වඩා වැඩියෙන් ඔබ තුළ වූ පෞද්ගලික ප්‍රතිපත්ති සහ ගතිගුණ ලංකා දේශපාලන ක්ෂේත්‍රයේ සොයා ගැනීමට නොහැකි තරම් ය. පරම්පරා ගණනාවක් ඉදිරියට ද අප තාරුණ්‍යය ඔබ විසින් අභිප්‍රේරණය කරනු ඇත. ආදරණීය මිතුර, ශක්තිමත්ව සැතපෙන්න. නිවන් දකින්නට පෙර සසර ගමනේ ඔබ-අප සිහින දුටු වැදගත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීම වෙනුවෙන් කරන සටනට එක්වීමට නැවත අප අතරට පැමිණෙන්න. මීට,

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න