මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගැනීම සහ ප්‍රශ්න කිරීමට අදාළව මෙරට ප්‍රධාන පෙළේ මාධ්‍ය සංවිධාන 6ක් විසින් පොලිස්පති සී.ඩී . වික්‍රමරත්න වෙත කරුණු පැහැදිළි කරමින් ලිපියක් යොමුකර ඇත.
එහිදී පසුගියදා අත්අඩංගුවට ගැනුණු ලංකා ඊ නිව්ස් මාධ්‍යවේදී කීර්ති රත්නායක, සිදුවීමටට අදාල සමස්ත නිරවද්‍ය තොරතුරු සමාජ ගත කරන මෙන්ද නෛතික විධිවිධාන ප්‍රකාරව ඉදිරි කටයුතු සිදු කරන මෙන් ඉල්ලා ඇත.
එසේම ප්‍රශ්න කිරීමට ලක්වූ තුෂාරා වන්නිආරච්චිගේ සිදුවීම, එසේම තමිලන් පුවත්පතේ කර්තෘ ආර්. සිවරාජා පදිංචි නිවෙසට රහස් පොලීසියෙන් යැයි කියා කිසියම් පිරිසක් ඇතුළු වන්නට උත්සාහ ගෙන තිබීම, මඩකලපුවේ මාධ්‍යවේදියකුගෙන්ද ප්‍රශ්න කිරීමක් සිදුවීම යන මෑත කාලීන සිදුවීම්වලද පසුබිම පැහැදිලි නොවන අතර ඒ සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු සමාජ ගත කිරීම සෑම අතින්ම යහපත් බවත් අදාළ ලිපියේ සඳහන් කර ඇත.
මාධ්‍ය සංවිධාන එකමුතුව විසින් පොලිස්පතිට යොමුකළ සම්පූර්ණ ලිපිය පහත දැක්වෙයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
