ඩෙල්ටා ප්‍රභේදයේ විකෘතිතා 04ක් ලංකාවේ : ඉක්මනින් එන්නත ගන්න !

ඩෙල්ටා ප්‍රභේදයේ විකෘතිතා 04ක් ලංකාවේ : ඉක්මනින් එන්නත ගන්න !

ඩෙල්ටා වෛරසයේ විකෘතිතා 04ක් මෙරටින් හඳුනා ගෙන ඇති බව මහාචාර්ය නීලිකා මලවිගේ පවසයි.

ඇය මේ බව සඳහන් කර සිටියේ අද(22) පෙරවරුවේ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ විකාශය වූ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්ය.

එහිදී මහාචාර්යවරිය සඳහන් කළේ , මෙම සියලු විකෘතිතාවලට මෙරට භාවිත වන එන්නත් කාර්යක්ෂමව ප්‍රතිචාර දක්වන බවය.

මෙම සාකච්ඡාවට එක් වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධනද අදහස් දැක්වූ අතර ඒ , දැඩි සංචරණ සීමා පනවා ඇති මෙම කාලය තුළ ජනතාව ඉතා වගකීමෙන් ක්‍රියා කළ යුතු බව පවසමිනි.

එන්නත් තෝරා ගැනීමකින් තොරව ළඟම ඇති මධ්‍යස්ථානයෙන් එන්නත්කරණයට යොමුවන ලෙස ද ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කළේ ය.

එන්නත් නොගෙන පසුතැවෙන්න එපා !

මේ අතර ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සමිත ගිනිගේ පවසන්නේ, එන්නත ලබා ගැනීමට ප්‍රමාදවීම, පසුතැවිල්ලට හේතු විය හැකි බවය.

ඔහු මේ බව පැවසුවේ, අද(22) පෙරවරුවේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති සාකච්ඡාවකදී ය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ වෛද්‍ය සමිත ගිනිගේ සඳහන් කලේ , නිදහස් සෞඛ්‍ය සේවාවක් ඇති මෙවැනි රටක් තුළ එන්නතකරණය සඳහා අවස්ථාව ලබා දී ඇති විට එය නොගැනීම පසුකාලීනව පසුතැවීමට සිදු වනු ඇති බවය.

එම නිසා දෙමව්පියන් එන්නතකරණය සඳහා යොමු කිරීම දරුවන්ගේ යුතුකම බවත් පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න