හිටපු අමාත්‍ය මංගල සමරවීරට ද කෝවිඩ් ආසාදනය වී ඇතැයි වාර්තාවේ.
සිදුකරනු ලැබූ PCR පරික්ෂයෙන් ඒ බව තහවුරු වී ඇති බවත් දැනගන්නට ඇත.
එසේම මේ වන විට හිටපු අමාත්‍ය මංගල සමරවීර වෛද්‍ය ප්‍රතිකාර ලබමින් පසුවන බවත් වාර්තා වෙයි.
පසුගිය දින දෙක තුනෙහි තමන් හමුවීමට පානදුර නිවසට පැමිණි කිහිප දෙනෙකුටම නිරෝධායනයට ලක්වන්නැයි ඔහු විසින් මේවනවිටත් දැනුම්දී ඇති බවත් වාර්තා වන අතර ඔහුගේ නිවසේ කාර්ය මණ්ඩලය ද නිරෝධායනයට ලක්ව සිටිති.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
