සමාජ ජාලා මාධ්‍ය අවහිරය වහාම ඉවත් කළ යුතුයි - ඇමති පාඨලී

සමාජ ජාලා මාධ්‍ය අවහිරය වහාම ඉවත් කළ යුතුයි - ඇමති පාඨලී

මහනුවර දිස්ත‍්‍රික්කයේ ඇතිවූ කළබලකාරී තත්ත්වය යටතේ සමාජ වෙබ් අඩවි ජාලා මාධ්‍ය අවහිර කිරීමට රජයට සිදුවූ බවත්, මේ වන විට ගැටුම් සමථයකට පත්වී ඇති බැවින් එම මාධ්‍යය යථා තත්ත්වයට පත්කිරීම පිළිබඳ කඩිනම් පියවර ගත යුතු බව අමාත්‍ය පාඨලී චම්පික රණවක අවධාරණය කරයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ අද(13) දින ජාතික හෙළ උරුමය පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමින්ය.

කෙසේ වුවත් විදුලි සංදේශන කොමිෂන් සභාව මගින් ගැටුම්කාරී අවස්ථාවේදී ගත් පියවර ගැන තම පාර්ශවය එකඟ බවත් මෙවැනි තත්ත්වයන් බටහිර රටවල පවා ඇතිවන අතර වෙනත් රටවල එස්.එම්.එස්. පණිවුඩ පවා අවහිර කිරීමට එම රජයන් කටයුතු කරන ඇති බවත් පෙන්වාදුන් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ගැටුමක් ඇතිවූ අවස්ථාවේ ඇඳිරි නීතිය පැනවීමෙන් ගැටුම්වලට සම්බන්ධ නැති 99%ක්ම අපහසුතාවයට පත්වන අතර, ඒ අනුව සමාජ ජාලා මාධ්‍ය තුළත් සමාජ ජාලා මාධ්‍ය අවභාවිතා නොකළ පිරිස්වලටත් මෙමම අපහසුතාවය බලපා තිබෙන බවය.

කෙසේ වුවත් මේ වන විට ගැටුම්කාරී තත්ත්වයන් අවසන් වී ඇති බැවින් දැන් සිදුකල යුතුව ඇත්තේ පසු ගැටුම් ක්‍රියාවලිය ශක්තිමත් කිරීම බවත් ඒ සම්බන්ධයෙන් ගතයුතු පියවර ගණනාවක් තමන් යෝජනා කරන බවද එහිදී අමාත්‍යවරයා පැවසීය.

පසු ගැටුම් ක්‍රියාවලියට යෝජනා

 ඒ සම්බන්ධව වන යෝජනා අමාත්‍යවරයා පැහැදිළි කර සිටියේ මෙසේය. "පළමුවෙන්ම නම් මෙම ගැටුම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිරිස් හා අත්අඩංගුවට පත්වූ පිරිස් පිළිබඳ වහාම පියවර ගෙන මෙම පිරිස් සම්බන්ධ දේශපාලන පක්‍ෂ, සංවිධාන පිළිබඳ චෝදනා තිබෙනවා නම් ඒ පිළිබඳ වහාම රටට හෙළිකළ යුතුයි. ඒ පිළිබඳ තවමත් විවිධ මාධ්‍යන් අසත්‍ය ප‍්‍රචාරයන් පතුරවමින් තව තවත් මේ ප‍්‍රශ්නය සංකීර්ණ කිරීමට ව්‍යාජ තොරතුරු භාවිතා කරමින් සිටිනවා. පොලීසියට වගකීමක් තිබෙනවා තමන් මෙතෙක් සොයාගත් තොරතුරුවලින් ජනතාවට සත්‍යය හෙළි කිරීමට. ඒ වගේම මෙම තත්ත්වය තවත් යට නොගසමින් ඇසින් දුටු සාක්‍ෂි, තාක්‍ෂණික මෙවලම් භාවිතා කරමින් ලබාගත් සාක්‍ෂි උපයෝගී කරගනිමින් දැඩි දඬුවම් ලබාදිය යුතු වනවා."

අන්තර්ජාලය නැතුව අද මොකුත් කරන්න බෑ

එසේම වර්තමානයේ බොහෝ පිරිසකට නවීන තාක්‍ෂණය පිළිබඳ පැහැදිලි අවබෝධයක් නොමැති අතර මීට දශකයකට පෙර අපි කිසිවෙක් නොසිතූ පරිදි තාක්‍ෂණයේ නව තත්ත්වයවක් ඇතිවී තිබෙන බවත් වර්තමානයේ ව්‍යාපාර සියල්ලම පාහේ අන්තර්ජාලය පදනම් කරමින් කටයුතු කරන බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ඊට නිදර්ශන වශයෙන් ලෝකයේ විශාලම හෝටල් කාමර වෙන්කර ගැනීමේ ක‍්‍රියාවලිය, විශාලම ටැක්සි සමාගම, භාණ්ඩ අලෙවි කිරීමේ සමාගම් සියල්ලම පවතින්නේ අන්තර්ජාලය හේතුවෙන් බවත් නව කාර්මික විප්ලවයේ නව පදනමත් සමග භාණ්ඩ නිපදවීම සිදුකරන්නේ ද අන්රත්ජාලය හරහා බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න