කොමියුනිස්ට් චීනය හැර ෆේස්බුක් තහනම් කළ එකම රට ලංකාව - මරික්කාර්

කොමියුනිස්ට් චීනය හැර ෆේස්බුක් තහනම් කළ එකම රට ලංකාව - මරික්කාර්

කොමියුනිස්ට් රටක්වූ චීනය හැර ෆේස්බුක් තහනම් කල එකම රට ලංකාව බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් සඳහන් කරයි.

මෙසේ ෆේස්බුක් තහනම හේතුවෙන් 1%ක් කළ වරදට 99%ක් ජනතාවකට සිය භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස උදුරාගෙන ඇතිබවත් එය යුක්ති ධර්මයට සහ මිනිස් අයිතිවාසිකම්වලට පටහැනි බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

ෆේස්බුක් තහනම පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

"රජයේ මන්ත්‍රීවරයෙක් ලෙස පසුගියදාත් මං පාර්ලිමේන්තුවේදී කිව්වා අපේ ආණ්ඩුවේ සමහර වැඩවල කොන්ද පණ නෑ නෝන්ජල් කියලා. වෙලාවට තීන්දු තීරණ ගන්නේ නෑ. ඒ තීරණ ගන්න ප්‍රමාදවීම නිසයි මේ වගේ අරාජික තත්ත්වයක් නිර්මාණය වෙන්නේ කියලා. ඒ නිසා නිසි වෙලාවට තීරණ ගන්න ඕන.

ෆේස්බුක් තහනම් කරලා සතියක් වෙනවා. ඒ තත්ත්වය පාලනය කරන්න දවසක් දෙකක් ෆේස්බුක් තහනම් කරපු එක හරි.ඒත් ඉතිං ඇයි තාම තහනම් කරගෙන ඉන්නෙ. රජයට තියෙන්න ඕනේ දියුණු තාක්ෂණය භාවිත කරලා, මේ අන්තවාදීන්ගේ පේජස්, ප්‍රොෆයිල් මොනිටර් කරලා ඔවුන්ව අත්අඩංගුවට අරගෙන නීතිය අනුව කටයුතු කිරීමේ හැකියාව තියෙන්න ඕන.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ සිය විමධ්‍යගත ප්‍රතිපාදනවලින් රුපියල් ලක්ෂ 25 ක් යොදවා කොළොන්නාවේ රැකියා විරහිත ප්‍රජාව උදෙසා පැවැත්වූ වෘත්තීය පුහුණු පාඨමාලා සාර්ථකව නිමකළ 200 ක පමණ පිරිසකට සහතිකපත් ප්‍රධානය කිරීමේ උත්සවයක් අමතමින්ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න