ගුරු-විදුහල්පති වැටුප් විෂමතාවය විසදන ලෙස ඉල්ලමින් අද (04) උද්ඝෝෂණයේ නිරත 42 දෙනෙකු පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් 16 දෙනෙකු ද වන අතර, අත්අඩංගුවට ගත් පිරිස සමග වාහන 10 ක් ද පොලිස් භාරයට ගෙන ඇත.
වැටුප් විෂමතාව ඇතුළු ගැටලුවලට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් ගුරු – විදුහල්පති වෘත්තීය සමිති කඩවත, පන්නිපිටිය, වැලිසර , මහනුවර සහ මොරටුව යන ප්‍රදේශවල සිට රථ පෙළපාළිවලින් කොළඹට පැමිණියේ ය.
වාර්තා වන ආකාරයට අත්අඩංගුවට ගැනීම සිදුව ඇත්තේ, අදාල පිරිස, ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේ උද්ඝෝෂණයේ නිතර වෙමින් සිටිය දී ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
