රට විවෘත කිරීමේ තීරණය වෙනස් විය හැකියි – වෛද්‍ය සුදර්ශනී

රට විවෘත කිරීමේ තීරණය වෙනස් විය හැකියි –  වෛද්‍ය සුදර්ශනී

අගෝස්තු පළමුවනදා සිට රට විවෘත කිරීමේ තීරණය වෙනස් වීමේ හැකියාවක් පවතින බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසයි.

ඒ අනුව පළාත් අතර සංචරණ සීමා ලිහිල් කිරීම හා රාජ්‍ය සේවකයින් සියලුම දෙනා සේවයට කැඳවීමේ තීරණවල වෙනස් වීමේ හැකියාවක් පවතින බවද රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කරයි.

සතියක කාලයක සිට ආසාදිතයන්ගේ වර්ධනයක් පෙන්නුම් කරන බවද රාජ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කරයි.

තත්ත්වය කෙසේ වුවද  මේ වන විට හුදකලා කර තිබු සියලු ප්‍රදේශ හුදකලා බවින් ඉවත් කර තිබෙන බවද යුද හමුදාපතිවරයා පැවසීය. 

කෙසේ වෙතත් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ රටේ ජනතාවගෙන් සහ රාජ්‍ය සේවකන්ගෙන් බහුතරයකට එන්නත් ලබා දී ඇති බැවින් ලබන 02 දා සිට රාජ්‍ය ආයතන සමස්ත කාර්යමණ්ඩලයම යොදවා රාජකාරි සිදු කරන බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න