බුද්ධිමතුන් ආණ්ඩුවට විරුද්ධව විරෝධතා කරන්නේ නෑ - ජොන්ස්ටන්

බුද්ධිමතුන් ආණ්ඩුවට විරුද්ධව විරෝධතා කරන්නේ නෑ - ජොන්ස්ටන්

ආණ්ඩුවට විරුද්ධව විරෝධතා කිරීමට කිසිම බුද්ධිමත් පුද්ගලයෙකු මේ මොහොතේ කල්පනා නොකරන බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සඳහන් කරයි.

අද උද්ඝෝෂණ පවත්වන දේශපාලන පක්ෂවල එහි ශාපයෙන් කිසිදා ගොඩ ඒමට නොහැකි වන බවත් අමාත්‍යවරයා පවසයි.

ඒ කොළඹ පැවති උත්සව සභාවක් අමතමින්ය.

‘අපි දකිනවා දැන් උද්ඝෝෂණ වෙනවා. මේ රටේ කිසිදු බුද්ධිමත් පුද්ගලයෙක් උද්ඝෝෂණයක් කරන්න කල්පනා කරන්නෙ නෑ. බුද්ධිමත් දේශපාලන පක්ෂයක නායකයෙක් කවදාවත් උද්ඝෝෂණයකට උදව් කරන්න යන්නෙ නෑ අනුබල දෙන්නෙ නෑ.

මහා සංඝරත්නය සමහර පක්ෂවල, ඒ පක්ෂ නියෝජනය කරන මහා සංඝරත්නය ගෙනල්ලා පාරවල් වලට බස්සලා මේ කොවිඩ් එකෙන් බේරෙන්න හදන වෙලාවෙදි කොවිඩ් මර්දනය කරලා රට විවෘත කරලා මේ රටේ මිනිස්සුන්ගෙන් ආර්ථිකය ශක්තිමත් කරන්න අපි සැලසුම් සකස් කරලා තියෙන වෙලාවෙදි මේ අහිංසක මිනිස්සු පාරට බස්සලා විනාශයක් වෙන දේවල්වලට ගිහිල්ලා අත ගහන්න එපා." යනුවෙන්ද අමාත්‍යවරයා පැවසීය.

කෙසේවුවත් අමාත්‍යවරයා මේ බුද්ධිමත් බව මනින නිර්ණායකය සඳහන් කරේ නැත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න