රට තුළ රසායනික පොහොර ආනයනය එක්වරම නතර කිරීම හේතුවෙන් ගොවියා දැඩි අර්බුදයකට මුහුණ පා සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජේලාල් ද සිල්වා සඳහන් කරයි.
අම්බලන්ගොඩ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර ඇති අතර කාබනික වගාවකට රට සූදානම් කළ යුත්තේ ක්‍රමානුකූලව බවත් එය එක්වරම සිදුකිරීම හේතුවෙන් ගොවි අර්බුදයක් ඇති වීම වැළැක්විය නොහැකි බවත් පැවසීය.
කාබනික පොහොර භාවිතයෙන් වගාව පවත්වාගෙන යාමට හැකි නම් තමා මෙන්ම රටට ආදරය කරන සියලු දෙනා කැමැති බවත් පැවසූ ඔහු එනමුත් එය එකවර කළ හැකි දෙයක් නොවන බව බොහෝ දෙනෙකුගේ හැඟීම් වී ඇතැයි ද මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.
ජනාධිපතිවරයා විසින් මෙම තීරණය ගත්තේ රටවැසියාට ඇති ආදරය නිසා වුවත් එම වැඩපිළිවෙළ කළ යුත්තේ කාලානුරූප යයිද මන්ත‍්‍රීවරයා පැවසීය.
රට තුළ මේ මොහොතේ මතු වී ඇති ගොවි අර්බුදය ගැන අවධානය යොමු කර රජය ඒ පිළිබඳව යම් සහනදායී ක්‍රියාමාර්ගයක් ගනු ඇතැයි විශ්වාස කරන බවද මන්ත්‍රීවරයා තවදුරටත් පැවසීය.
මීට පෙර අමාත්‍ය මහින්ද අමරවීර පොහොර හිඟය සම්බන්ධව ජනතාව වෙතින් සමාව ඉල්ලීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
