ආපනශාලා හිමියන්ගේ සංගමයේ සහ මහජන අයිතීන් සුරැකීමේ පදනමේ සභාපති වන අසේල සම්පත්ව පැහැරගෙන ගොස් ඇති බවට ඔහුගේ පවුලේ සාමාජිකයන් චෝදනා කර සිටියි.
වෑන් රථයකින් පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ යැයි හඳුන්වාගත් පුද්ගලයින් 20ක් පමණ මෙසේ ඔහුව රැගෙන ගිය නමුත් ඔවුන් නිල ඇඳුම් නොපැළඳ සිටි බවත් ඔවුන් අසේල සම්පත්ව එසේ රැගෙන යාමට කිසිඳු හේතුවන් නොදැන්වූ බවත් ඔහුගේ දියණිය සමාජ මාධ්‍ය ඔස්සේ සජීවී ලෙස පෙනී සිටිමින් ප්‍රකාශ කළාය.
ඇය ඇතුළු පවුලේ සාමාජිකයින් පිරිසක් මේවනවිට පිළියන්දල පොලිසිය වෙත ගොස් මෙම පැහැරගැනීම සම්බන්ධයෙන් පැමිණිලි කර තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
