මහනුවර ගිනිතැබූ මහසෝනා මුස්ලීම් ව්‍යාපාර වහන්න බෞද්ධ වෙළඳුන්ගෙන් කප්පම් අරගෙන

මහනුවර ගිනිතැබූ මහසෝනා මුස්ලීම් ව්‍යාපාර වහන්න බෞද්ධ වෙළඳුන්ගෙන් කප්පම් අරගෙන

මේ වන විට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන සිටින අමිත් ජීවන් වීරසිංහ නොහොත් මහසොහොන් බලකායේ ප්‍රධානියා වෙතින් ප්‍රශ්න කිරීම් අරඹා ඇති බව ආරක්ෂක ආරංචිමාර්ග සඳහන් කරයි.

කෙසේ වුවත් මේ වන විට බුද්ධි වාර්තා අනාවරණය කරගෙන ඇති ආකාරයට පසුගිය යුධ සමයේ ශ්‍රී ලංකා හමුදාවේ විශේෂ බලකායේ දුරදිග විහිදුම් ඒකකයක් නම්කර තිබු "මහසොහොන් බලකාය" නමින් සංවිධානයක් ගොඩනගා ගන්නට මොවුන් කටයුතු කර ඇත්තේ බුද්ධ තරුණයින්ගේ ආකර්ෂණය ලබාගන්නටය. එසේම එම සංවිධානය ගොඩනැගීම වෙනුවෙන් මෙරට දේශපාලකයින් කිහිපදෙනෙකු මෙන්ම චීවරධාරීන් කිහිපදෙනෙකුගේ සහය ලබාගෙන ඇති බවටද මේ වන විට බුද්ධි තොරතුරු අනාවරණය කරගෙන ඇත.

සිංහල ජාතියේ සහ බෞද්ධ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින බව පෙන්වමින් අදාළ සංවිධානය බෞද්ධ වෙළඳුන් වෙතින් මුල්‍ය ආධාර එකතුකර ඇති බවත් බෞද්ධ ව්‍යාපාරිකයින්ගේ ව්‍යාපාර නිදහසේ සිදුකිරීමට අවස්ථාව සලසාදීම වෙනුවෙන් අන්‍ය ජාතික ව්‍යාපාර වෙත තර්ජනය කරමින් ඇතැම් ව්‍යාපාරික ස්ථාන වසා දැමීමට තර්ජනය කර ඇති බවද බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇත.

එසේම දිවයිනේ විවිධ ස්ථාන වල සාර්ථකව සිදුකරගෙන යන මුස්ලීම් ව්‍යාපාරික ස්ථාන ඉවත් කිරීම සඳහා සංවිධානයේ සාමාජිකයන්ට ගෙවීමට කියමින් බෞද්ධ ව්යාපාරික්කයින් වෙතින් කප්පම් ලබාගැනීමටද මේ පිරිස කටයුතු කර ඇති බවද වාර්තා වෙයි.

Captureasa

Captureas

Captureasaa

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න