කොවිඩි මර්දන විශේෂ කමිටුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස්වී ඇති අතර එහිදී සංචරණ සීමා ජූනි 07 දක්වා දීර්ඝ කිරීමට සමගාමීව ගෙන ඇති තීරණ රජය දැනුම්දී ඇත.
ඒ මෙසේය.
ප්‍රාදේශීය මට්ටමින් ගොවීන්ට අලෙවි කරගත නොහැකි එළවළු අස්වනු රජය මගින් මිලදී ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ද ජනාධිපතිවරයා එහිදී උපදෙස් දී තිබේ.
හෙට (25) අලුයම 4.00 සිට රාත්‍රී 11.00 දක්වා සංචරණ සීමා ලිහිල් කෙරෙන අතර එම අවස්ථාවේදී විවෘතව තැබිය හැක්කේ තෝරාගත් සිල්ලර වෙළෙඳසැළ් (මාළු, මස්, එළවළු සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය), ඖෂධ සැල්, බේකරි නිෂ්පාදන වෙළෙඳසැල් හා ඉන්ධන පිරවුම්හල් පමණි.
හෙට (25) රාත්‍රී 11.00 සිට මැයි 31 අලුයම 4.00 දක්වා නැවතත් පෙර පරිදි සංචරණ සීමා පැනවේ.
මැයි 31 වන දින අළුයම 4.00 සිට රාත්‍රී 11.00 දක්වා යළි සංචරණ සීමා ලිහිල් කෙරේ.
මැයි 31 රාත්‍රී 11.00 ට නැවත පැණවෙන සංචරණ සීමා ජූනි 04 අලුයම 4.00 දක්වා බල පැවැත් වේ.
ජූනි 04 වන දින අලුයම 4.00 සිට රාත්‍රී 11.00 දක්වා යළි සංචරණ සීමා ලිහිල් කෙරේ.
ජූනි 04 රාත්‍රී 11.00 ට නැවත පැණවෙන සංචරණ සීමා ජූනි 7 වන දින අලුයම 4.00 දක්වා ක්‍රියාත්මක කෙරේ.
ජනතාව මුහුණ දෙන අපහසුතා පිළිබඳ දැනුම්දීමට සහ සම්බන්ධීකරණ තොරතුරු සේවාවක් ලෙස 1965 ක්ෂණික දුරකථන අංකය පැය 24 පුරාම ක්‍රියාත්මක වේ.
මේ අතර හෙට (25) දිනයේදී නිවසින් බැහැර වීමේදී හැඳුනුම්පතේ අවසන් අංකය පිළිබඳ ක්‍රමය ක්‍රියාත්මක නොවේ.
කිසිදු හේතුවක් මත වාහනවලින් පාරිභෝගික භාණ්ඩ මිලදීගැනීමට වෙළෙඳසැළ් වෙත ගමන් කිරීමට ද අවස්ථාවක් ද හිමි නොවේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
