කොරෝනා මර්ධන රාජකාරිවල යෙදී සිටින සියලුම සෞඛ්‍ය සේවකයන්ට හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ටත් කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දීම සදහා ක්‍රමවත් වැඩ පිළිවෙලක් ඉදිරිපත් නොකරන්නේ නම් හෙට (25) සිට කොරෝනා මර්දන රාජකාරිවලින් ඉවත් වීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.
ශ්‍රී ලංකා සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසන්නේ මෙම වර්ජනය සදහා පරිපූරක වෛද්‍ය සේවය ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති 18ක් එකඟ වී සිටින බවයි.
අවස්ථා කිහිපයක දී මෙම ඉල්ලීම ඉදිරිපත් කළ මේ දක්වා බලධාරීන් ඊට ප්‍රතිචාර දක්වා නැති බවද සභාපතිවරයා සඳහන් කළේය.
මේ ප්‍රශ්නය හටගෙන ඇත්තේ මුල් පෙළ සෞඛ්‍ය කාර්‍ය මණ්ඩල අතුරින් වෛද්‍යවරුන්ගේ පවුල් වල සාමාජිකයන් සඳහා පමණක් කොරෝනා එන්නත් ලබාදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදුන් විශේෂ වරප්‍රසාදයක් නිසා බව සෞඛ්‍ය ක්ශේත්‍රයේ අදහස වී තිබේ.
අදාළ ඉල්ලීම සිදුකර ඇත්තේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් බවත් ඔවුන් ඊට අදාළ ලයිස්තු පසුගිය දින වල සකස්කර ඇති බවටත් චෝදනා නැගී ඇත.

