දැනට ක‍්‍රියාත්මක දැඩි සංචරණ සීමා ජුනි 07 දක්වා දිගු කිරීමට රජය තීරණය කර ඇත.
අද (24) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු පැවසුයේ මැයි 31 වෙනිදා හා ජුනි 04වනදා ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම සඳහා පමණක් අවස්ථාව ලබා දෙන බවය.
හෙට දිනයේ සීමා ලිහිල් කිරීමද ඒ ආකායෙන්ම ක‍්‍රියාත්මක බවත් එහිදී සඳහන් විය.
ඒ අනුව ජූනි 07 තෙක් සංචරණ සීමා ක‍්‍රියාත්මක වන්නේ මෙසේය.
මැයි 25 රාත්‍රී 11.00 සිට මැයි 31 වනදා පෙරවරු 4.00 දක්වා සංචරණ සීමා ක‍්‍රියාත්මකය. මැයි 31 වනදා රාත්‍රී 11.00 සිට ජුනි 4 පෙරවරු 4.00 දක්වා සංචරණ සීමා ක‍්‍රියාත්මකය.
ජුනි 4 රාත්‍රී 11.00 සිට ජූනි 07 වනදා පෙරවරු 4.00 දක්වා සංචරණ සීමා ක‍්‍රියාත්මකය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
