මෙරට කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය වෛද්‍යවරුන්ගේ පවුල් සඳහා විශේෂ වරප්‍රසාදයක් ලෙස ලබාදීම සම්බන්ධව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය බරපතළ විරෝධයක් දක්වා ඇත.
විශේෂ නිවේදනයක් නිකුත්කරමින් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය මේ විරෝධය දක්වා සිටින අතර මේ හරහා කොරෝනා මර්දන ඉදිරි පෙළ සෞඛ්‍ය කාර්‍ය මණ්ඩල අතර අසමගියක් ඇති කිරීමේ උත්සාහයක් තිබෙන බවත් අවධාරණය කර ඇත. ඒ අනුව තෝරාගත් පාර්ශ්වය වෙත වරප්‍රසාදයක් ලෙස නොව රෝගය ආසාදනය වීම සඳහා ඇති අවධානම සලකා බලා නිවැරැදි විද්‍යාත්මක ක්‍රමවේදයක් හරහා එන්නත්කරණ කටයුතු සිදුවිය යුතු බව ඔවුන්ගේ යෝජනාව වී තිබේ.
දැනටමත් කොරෝනා මර්දන එන්නත්කරණ වැඩපිළිවෙළ අවුලෙන් අවුලට ගොස් ඇති ආකාරය පසුගියදා ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිකුත්කළ නිවේදනයේ ද දක්වා ඇති බව සිහිපත් කරන විශේෂඥ වෛද්‍යවරුන් ගේ සංගමය ,ඒ සඳහා රජය නිසි වැඩපිළිවෙළක් අනුගමනය කිරීමට අසමත් වුවහොත් සෞඛ්‍ය ක්ශේත්‍රයේ අනෙක් වෘත්තීය සමිති ද තම පවුල් සඳහා එන්නත් අවශ්‍ය බවට වෘත්තීය ඉල්ලීම් සිදුකිරිමට ඇති අවධානම ගැනත් සිය නිවේදනය හරහා වැඩිදුරටත් සඳහන් කර ඇත.
විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිකුත්කළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි.


