පවතින තත්ත්වය මත කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අවම වශයෙන් සති දෙකක කාලයක් දක්වා දැඩි සංඛ්‍යා සීමා අඛණ්ඩව පැනවිය යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසන්නේ දැනට පනවා ඇති සංචරණය සීමා යම් තාක් දුරකට වෛරසය පාලනයට උදවු වන නමුත් එය ප්‍රමාණවත් නොවන බවය.
පවතින තත්වය මුළු රටම අවදානමට ගිය අවස්ථාවක් බවත් එනිසා සති දෙකකට හෝ ඉන් එහා කාලසීමාවකට නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම හෝ රටටම සංචාරක සීමා පැනවීම සිදු කළ යුතුම බව ද ඔහු පැවසීය.

