බොරදියේ මාලුබාන Dialog සමාගමේ තියරිය හෙළාදකිමු !

බොරදියේ මාලුබාන Dialog සමාගමේ තියරිය හෙළාදකිමු !

බොරදියේ මාලුබාන Dialog සමාගමේ තියරිය පිළිබද පිළිකුලෙන් යුතුව හෙලා දකින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සදහන් වෙයි.

මාතලේ ලග්ගල නාවුල ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයේ අකරහාඩුව ග්‍රාමයේ විහාරස්ථානයක වැඩ වාසය කරන භික්ෂුන් වහන්සේ නමක් Zoom තාක්ෂණය ඔස්සේ දරුවන්ට ඉගැන්වීම් කටයුතු ඉටු කිරීම සඳහා වැසිකිලියක් මත නැගී දරන උත්සහයක් පිළිබඳව මාධ්‍ය වාර්තා පල කර තිබුණි.

ඉන් පසුව විහාරස්ථානයට Dialog කණ්ඩායමක් පැමිණ සිග්නල් ප්‍රශ්නය විසඳීම සඳහා රවුටරයකට ඇන්ටනාවක් සවිකර දී රුපියල් 3000 ක මුදලක් ස්වාමින් වහන්සේගෙන් අය කරගෙන ඇත.

ඒ ආකාරයෙන්ම ගම්මානයේ අනෙක් නිවාසවලටද සිග්නල් ලබා දීම සඳහා එක් නිවසකින් රුපියල් 3000 ක මුදලක් අයකරගෙන ඇන්ටනාවක් සවිකර දීමේ ප්‍රොමෝෂන් එකක් Dialog ආයතනය ආරම්භ කර ඇත.

ප්‍රදේශයට සිග්නල් ලබා දෙන කුලුණ බලය වැඩිකරනවා වෙනුවට එදා වේලා අමාරුවෙන් සොයාගන්නා අහිංසක ගම්මුන්ගෙ තුට්ටු දෙකට විදීමට Dialog ආයතනය කටයුතු කිරීම පිළිකුල් සහගතය.

ප්‍රචාරණය සඳහා රුපියල් කෝටි ගණන් වියදම් කරන Dialog ආයතනය මෙම ගම්මානයේ මතුව ඇති සංවේදී ගැටලුව දඩමීමා කරගෙන කොවිඩ් වසංගතය හමුවේ පීඩාවිදින ජනාතාවගෙන් ලාභ ලබා ගැනීමට උත්සහ දැරීමේ නින්දිත ක්‍රියා පිලිවෙත පිළිකුල් සහගතව හෙළාදකිමු.

Dialog සමාගමේ මෙවැනි ක්‍රියා අප සංවිධානය අනුමත නොකරන බවත් Dialog සමාගමෙන් මෙරට පාරිභෝගිකයින්ට සිදුවන හිරිහැරද තවදුරටත් ඉවසා නොසිටින බවත් Dialog සමාගම අප සංවිධානයේ අසාදු ලේඛණයට ඇතුලත් කිරීමට කටයුතු කරන බවත් වැඩිදුරටත් දන්වා සිටිමු.

මීට විශ්වාසී,

රංජිත් විතානගේ - සභාපති

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න