දිස්ත්‍රික්ක පහක නායයෑමේ අවදානමක්

දිස්ත්‍රික්ක පහක නායයෑමේ අවදානමක්

පවතින අයහපත් වැසි සහිත කාලගුණ තත්වය සමඟ දිස්ත්‍රික්ක පහක නායයෑමේ අවදානමක් මතුව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

ගාල්ල, කළුතර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල මෙම අවදානම මතුව තිබෙන බව එම සංවිධානය නිකුත් කළ පෙර අනතුරු ඇඟවීමේ නිවේදනයේ දැක්වේ.

ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව, කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත, වලල්ලාවිට, බුලත්සිංහල, පාලින්දනුවර, ඉංගිරිය, මතුගම සහ දොඩංගොඩ, කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට, දැරණියගල, වරකාපොළ, අරණායක, රුවන්වැල්ල සහ දෙහිඕවිට, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, කලවාන, අයගම, කුරුවිට, ඇලපාත සහ ඇහැළියගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලත් මෙම අවදානම මතුව ඇති බව එහි සඳහන් වේ.

එම ප්‍රදේශවල නායයෑම් පූර්ව ලක්‍ෂණ පවතින ප්‍රදේශවල, කඳු හා බෑවුම් ආශ්‍රිතව ජීවත්වන ජනතාව විමසිල්ලෙන් පසුවිය යුතු බවත් එම සංවිධානය කිය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න