ලංකාවේ රතු ඉර පනින මට්ටමට ඇවිල්ලා- මහාචාර්ය අර්ජුන ද සිල්වා

ලංකාවේ රතු ඉර පනින මට්ටමට ඇවිල්ලා- මහාචාර්ය අර්ජුන ද සිල්වා

මේ වනවිට කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් ලංකාවේ රතු ඉර පනිමින් තිබෙන බවත් වහාම කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දින 14ක අඛණ්ඩ දැඩි සංචරණ සීමාවක් පැනවීම අත්‍යාවශ්‍යම බවත් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා  පවසයි.

“මලික් පීරිස් කියන්නේ මේ සම්බන්ධයෙන් හොඳටම දැනුම තියෙන කෙනෙක්. එතුමා යමක් කිව්වොත් ඒක අහන්න ඕනා. දැන් අපි ඉන්න අවස්ථාවෙන් ගොඩ එන්න අඛණ්ඩව දවස් 14ක් සංචරණ සීමා තියෙන්න ඕනේ. ඒක තමයි විද්‍යාත්මක පදනම. ආර්ථික ප්‍රශ්න, ඔය තර්ක සේරම ඇත්ත. නමුත් විද්‍යාත්මක පදනම මේකයි. දවස් 14. ඒක ෆලෝ කෙරුවේ නැත්නම්. ඒකෙන් ගන්නපුළුයන් උපරිම ප්‍රයෝජනය ගන්න බැහැ.

දැන් රතු ඉර පනිනවා. රජය තීරණයක් ගන්න ඕනා. අපිට සල්ලි නැහැ කියල බෙහෙතක් ගන්න අපිට කියන්න බැහැ වෙන බෙහෙතක් ගන්න කියලා. කොලොස්ට්‍රෝල් බස්සන්න මිලිග්‍රෑම් 20ක් ගන්න ඕන එකට 10ක් අරගෙන හරියන්නේ නැහැනේ. ඒක තමයි විද්‍යාත්මක ක්‍රමය. මේ ආර්ථික ප්‍රශ්න, වෙන ප්‍රශ්න හින්දා විද්‍යාත්මක මතයක් වෙනස් කරන්න බැහැ.” යැයිද මහාචාර්ය අර්ජුන ද සිල්වා වැඩිදුරටත් සඳහන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න