ආර්ථිකය කියා ජීවිත බිලි එපා : වෛද්‍ය උපදෙස් පිළිගන්න - රනිල් ආණ්ඩුවට කියයි !

ආර්ථිකය කියා ජීවිත බිලි එපා : වෛද්‍ය උපදෙස් පිළිගන්න - රනිල් ආණ්ඩුවට කියයි !

"රජය එන්නත්කරණය කරගෙන ගියත් සියලු පුරවැසියන්ට මේ වසර තුළදි එන්නත් දී අවසන් කරන්න බැරි වෙනවා. එම නිසා වෛද්‍ය උපදෙස් ගෙන පළමුව කළ යුත්තේ වෛරසය තවදුරටත් ව්‍යාප්තවීම පාලනය කර ගැනීම යි. මෙතනදී කාලෝචිතම දේ වෛද්‍ය උපදෙස් පිළිගැනීම" යැයි හිටපු අග්‍රාමාත්‍ය , එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කරන්නේ"කොවිඩ් -19" පිටුදැකීම උදෙසා මැයෙන් අද (23) විශේෂ වට්සැප් වීඩියෝවක් නිකුත්කරමින්ය.

මේ  හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෑතකදී වට්සැප් ඔස්සේ  සිදුකළ තුන්වන  ප්‍රකාශය වන අතර එය  පහත දැක්වෙයි.

කොවිඩ් රෝග පාලන එන්නත් කෝටි තුනක ප්‍රමාණයක් මෙරට ජනතාවට අවශ්‍යයි. එම එන්නත් ප්‍රමාණය මෙම වසර තුල ගෙන්වා ගැනීමේ අපහසුතාවක් තිබෙනවා. එම නිසා කොවිඩ් පාලනය වෙනුවෙන් අලුතින් සිතා අලුත් වැඩපිළිවෙලක් සකස් කිරීමේ අවශ්‍යතාවයක් පවතිනවා. 

ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පිරිසට එහි දෙවෙනි මාත්‍රාව දිය යුතු වෙනවා. නමුත් එහි හිඟයක් පවතින නිසා එම එන්නත ගෙන්වා ජනතාවට ලබා දෙන්න රජය කටයුතු කළ යුතුයි. රජයත්, තවත් කොටසක් පෞද්ගලිකවත් අවශ්‍ය එන්නත් ප්‍රමාණය ගෙන්වා ගන්න උත්සාහ දරමින් සිටිනවා.

රජය එන්නත්කරණය කරගෙන ගියත් සියලු පුරවැසියන්ට මේ වසර තුළදි එන්නත් දී අවසන් කරන්න බැරි වෙනවා. එම නිසා වෛද්‍ය උපදෙස් ගෙන පළමුව කළ යුත්තේ වෛරසය තවදුරටත් ව්‍යාප්තවීම පාලනය කර ගැනීම යි. මෙතනදී කාලෝචිතම දේ වෛද්‍ය උපදෙස් පිළිගැනීමයි.

ආර්ථිකය ගැන පෙන්වමින් ජන ජීවිත බිල්ලට දෙන්න එපා. මොකද ලංකාව බහිරව කන්දක් නොවෙයි. ලංකාවේ රුපියල බාල්දු වුනේ මහ බැංකුව මුදල් අච්චු ගැසූ නිසයි.

එන්නත වෙනුවෙන් ඩොලර් කෝටි 20 ක් ඉකුත් නොවැම්බරයේදි ආයෝජනය කළා නම් එන්නත් ප්‍රශ්නයක් මේ රටේ නෑ.

විදේශ විනිමය ගැන පමණක් සිතා ඉන්දියානු සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීම නිසා වෛරසය තව තවත් පැතිරුණා.

අද අපට පෙනෙන්නේ පවතින තිබෙන කොවිඩ් පාලන කමිටුවලින් මේවා කරන්න බැරි බවයි. රට වහන්න අවශ්‍ය නම් රට වසා, සහන අවශ්‍ය ජන කොටස්වලට සහන දෙන්න. ජනාධිපතිතුමාත් කැබිනට් මණ්ඩලයත් ව්‍යවස්ථාවෙන් තිබෙන බලතල ගෙන රෝග ව්‍යාප්තිය පාලනයට අවශ්‍ය සැලසුම් සකස් කරන්න.

කැබිනට් මණ්ඩලය බාල්දු කරන්න එපා. රටේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් අවශ්‍ය බලය ගෙන කටයුතු කරමු. එසේ කරමින් රට ජාතිය බේරා ගන්න අවශ්‍ය කටයුතු කරන්න.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න