විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා ඔහුගේ බිරිඳට කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වෙයි.වාර්තා වන ආකාරයටඅසනීප තත්ත්වයක් ගැන සැකසිතී ඔවුන් දෙදෙනා ඊයේ (22) පෞද්ගලික රෝහලකට ඇතුලත්ව PRC පරික්ෂාවකට ලක්ව ඇති අතර අද (23) උදැසන ලැබී ඇති වෛද්‍ය වාර්තාවට අනුව කොරෝනා ආසාදිතබව තහවුරු වී තිබේ.
මේ අතර විපක්ෂ නායකවරයාගේ බිරිඳ ජලනි ප්‍රේමදාසට අයත් (Jaal Salon) රූපලාවන්‍ය ආයතනයේ පිළිගැනීමේ නිලධාරිනියකට කොරෝනා ආසාධනය වී තිබි ඇති බවත් වාර්තා වෙයි.
එසේම විපක්ෂ නායකවරයා මේ දක්වා කොරෝනා මර්ධන කිසිඳු එන්නතක් ලබාගෙන නොමැත.
ඒ ජනතාවට දෙන තෙක් තමන් එන්නත විදගන්නේ නැති බව පවසමිනි.
මේ සම්බන්ධව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට්වීටර් සටහනක් ද තබා ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
