ආණ්ඩුවේ සුමිත් මුල්ගල් තියා සංචරණ සීමා කඩයි !

ආණ්ඩුවේ සුමිත් මුල්ගල් තියා සංචරණ සීමා කඩයි !

රටත් ජනතාවත් කොරෝනා වසංගතයේ වැඩිම අවදානමකට මුහුන දෙමින් සිටින මෙවන් අවස්ථාවක ජනතාවට වගකිවයුතු ආණ්ඩු පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී යූකේ සුමිත් උඩුකුඹුර මහතා මුල්ගල් තැබීමේ උත්සව පවත්වමින් තැන තැන යන බව ජනබලය ඉකුත් 14වැනි දා ''සංචරණ සීමා නොතකා ආණ්ඩුවේ මන්ත්‍රීවරු මුල්ගල් තැබීමේ උත්සවවල'' ශීර්ෂය යටතේ හෙළි කළේය. 

එකී උත්සවවලට මන්ත්‍රීවරයා සහභෘගී වූ ඡායාරූප ඔහුගේ නිල ෆේස්බුක් පිටුවේ උඩුගත කර තිබිණු අයුරුද අපි එම පුවතින් හෙළි කළෙමු.

එසේ තිබියදී අදාළ මන්ත්‍රීවරයා අද(22) දිනයේ ද තවත් මුල්ගත් තැබීමේ උත්සව කිහිපයකට සහභාගී වී තිබිණි. එහෙත් මෙවර ඔහුගේ ෆේස්බුක් පිටුවේ එම ඡායාරූප උඩුගත කර තිබුණේ ඊයේ(21) දිනය සටහන් කරමින් වීම විශේෂත්වයකි. 

එහෙත් එම උත්සවවල ඡායාරූපම කුරුණෑගල ප්‍රබල අමාත්‍ය ලේකම්වරයකුගේ ෆේස්බුක් ගිණුමේ මෙලෙස සටහන් විය.  

දින වෙනස් කළ පමණින් කෝවිඩ්19 අවදානමේ කිසිදු වෙනසක් නොවන බව මෙවන් මහජන නියෝජිතයන් තේරුම් ගතයුතු බව ''ජනබලය'' අවධාරණය කර සිටී.

(ජනබලය)

IMG 20210523 WA0002

IMG 20210523 WA0003

IMG 20210523 WA0004

IMG 20210523 WA0005 1

IMG 20210523 WA0006

IMG 20210523 WA0007

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න