ආර්ථික ක්‍රියාවලිය කෙසේ වෙතත් වසංගතය පාලනයට දින 14 ලොක්ඩවුන් අත්‍යවශ්‍යයි !

ආර්ථික ක්‍රියාවලිය කෙසේ වෙතත් වසංගතය පාලනයට දින 14 ලොක්ඩවුන් අත්‍යවශ්‍යයි !

ආර්ථික ක්‍රියාවලිය කෙසේවෙතත් සෞඛ්‍ය විද්‍යාත්මක දත්ත අනුව වසංගතය පාලනය කිරීම සඳහා දැඩි සංචරණ සීමා පැනවිය යුතු බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා අවධාරණය කරයි.

කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දින 14ක අඛණ්ඩ දැඩි සංචරණ සීමාවක් පැනවිය යුතු බවත් ඔහු සඳහන් කර සිටින අතර ඒ සඳහා විද්‍යාත්මක පදනමක් ඇති බව හෙතෙම පෙන්වා දෙයි.

රූපවාහිනි සම්මුඛ සාකච්ඡාවක්  සඳහා  සහභාගී වෙමින් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා  මේ බව සඳහන් කළ අතර ඔහුගේ අදහස් දැක්වීම පහත දැක්වෙයි.

“මේ වෛරස් එක පාලනය කරන්න හොඳම ක්‍රමය තමයි එන්නත්කරණය. එතන තර්කයක් නෑ. හැබැයි දැන් අපි ඉන්න අවස්ථාවෙන් ගොඩ එන්න අපිට සංචරණ සීමා කරන්න ඕනේ. එතකොට අඛණ්ඩව දවස් 14ක් සංචරණ සීමා තියෙන්න ඕනේ. ඒක තමයි විද්‍යාත්මක පදනම. වෛරසය ශරීරය තුළ තිබිලා රෝග ලක්ෂණ නැතුව තියෙන්න පුළුවන්. වාහකයින් බවට පත්වෙන්න පුළුවන්. සංචරණ සීමා කැඩුවොත් වෙන්නේ එළියට ගිය පුද්ගලයා, වෙනම පිරිසකට ආයම කොවිඩ් පොකුරක් හැදෙනවා. එතකොට තව පොකුරු බිහිවෙනවා. “

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න