නීතිපති දෙපාර්තමේන්තුව සඳහා ඊ – පුස්තකාලයක් පසුගිය 19 වනදා නීතිපතිවරයා සහ චීන තානාපතිවරයා විසින් විවෘත කෙරිණි.
මේ සඳහා විවෘත කළ සමරු ඵලකයේ සිංහල සහ සහ ඉංග්‍රීසි භාෂා දෙකට අමතරව භාවිතා කර තිබුණේ චීන මැන්ඩරින් භාෂාවයි. ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය අනුව සිංහල සහ දෙමළ භාෂා දෙකම භාවිතා කළ යුතු වුවත් මෙම ඵලකයේ දෙමළ භාෂාව යොදා නැත.
ඒ වෙනුවට චීන භාෂාව යොදා ඇත.ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව සිංහල සහ දෙමළ නිල භාෂාවන් අතර ඉංග්‍රීසි සම්බන්ධීකරණ භාෂාව වේ.
එසේම සිංහල සහ දෙමළ ජාතික භාෂාවේ. ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව තුළ තවම චීන භාෂාව ජාතික භාෂාවක් ලෙස හෝ සම්බන්ධීකරණ භාෂාවක් ලෙස පිළිගෙන නැත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ පාර්ලිමේන්තුවට පවා මග පෙන්වීමට ඇති ආයතනය වන නීතිපති දෙපාර්තමේන්තුව විසින්ම රටේ ව්‍යවස්ථා උල්ලංඝනය කර ඇත.
Lanka truth
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
