49 වන ජනරජ දිනය වෙනුවෙන් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බන්ඩාරනායක කුමාරතුංග විසින් විශේෂ පණිවිඩයක් නිකුත්කර ඇති අතර එය පහත දැක්වෙයි.
මීට වසර හතලිස් නවයකට පෙර අද වැනි දිනෙක 1972 මැයි මස 22 වන දින ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විසින් ස්ථාපනය කරන ලද පළමු ජනරජ ව්‍යවස්ථාව හරහා අප මාතෘ භූමියට පූර්ණ නිදහසක් උරුම විය.
වසර 450ක් පුරා යුරෝපීය රාජ්‍යන්ගේ යටත්විජිත පාලනයෙන් තැලී පෑගී පීඩනයට පත්ව සිටි අප රට 1948 නිදහස ලබා ගත්තද එය ඩොමීනියන් තත්වයේ අර්ධ නිදහසක් පමණක් විය.
1972 වන තෙක් අප රටේ රාජ්‍ය නායකත්වය දරන ලද්දේ බ්‍රිතාන්‍ය මහ රැජිණ විසිනි.අපේ මුතුන් මිත්තන් ලේ, දහඩිය, කදුළු හෙළා කැපවීමෙන් ලබා ගත් ඒ පූර්ණ නිදහස වත්මන් යුගයේ කෙලෙසෙමින් පවතී.
අද අප මාතෘ භූමිය වෙනත් විදේශ රාජ්‍යක යටත් විජිතයක් බවට පත්වෙමින් පවතින යුගයක, ජාතික නිදහස ගරු කරන, අගය කරන සියලු ශ්‍රී ලාංකිකයන් සමග එක්ව එදා අප රටට පූර්ණ නිදහසක් උරුම කර දුන් සිරිමාවෝ බන්ඩාරනායක මැතිනියට මාගේ ගෞරව ප්‍රණාමය පුද කරමි.
චන්ද්‍රිකා බන්ඩාරනායක කුමාරතුංග
සිව් වන විධායක ජනාධිපති

