වරාය නගර ආර්ථික කොමිෂන් පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ සමස්ත ලංකා මක්කල් කොංග්‍රසයේ මන්ත්‍රීවරු දෙදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් සහ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී අලි සබ්රි රහීම් යන දෙදෙනාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇත.
සමස්ත ලංකා මක්කල් කොංග්‍රසයේ නායකත්වය දරන්නේ හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් වන අතර ඔහු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත.
එසේම වරාය නගර ආර්ථික කොමිෂන් පනත් කෙටුම්පතේ විවාදයක් පැවති මැයි 19-20 දෙදින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් පාර්ලිමේන්තු ගෙනවිත් තිබූ අතර 20 පැවති ජන්ද විමසීම අවස්ථාවේ ඔහු පනත් කෙටුම්පතට විරුද්ධව ජන්දය ප්‍රකාශ කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
