එක් දිනක් තුළ ආසාදිතයින් 800ක් : කොළඹ අවධානමේ පෙරමුණේ !

එක් දිනක් තුළ ආසාදිතයින් 800ක් : කොළඹ අවධානමේ පෙරමුණේ !

කොරෝනා තෙවන රැල්ල තුළ කොළඹ දිස්ත්‍රික්කයේ තත්ත්වය අවධාම් බව පෙන්නුම් කරමින් ඊයේ (21)  මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 3,547 දෙනා අතරින් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වන 800 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත. 

කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි.අදාළ ආසාදිතයින් නාරාහේන්පිට ප්‍රදේශයෙන් 73ක්, පිළියන්දල 74ක්, අවිස්සාවේල්ල 61ක්, වැල්ලවත්ත 45ක්, දෙහිවල 43ක්, මහරගම 56ක්, කොට්ටාව 29ක්, මීපේ 27ක්, කඩුවෙල 17ක්, කොස්ගම 18ක්, නවගමුව 37ක් සහ වැලිකඩ 15ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.

මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 617 දෙනෙකු වාර්තා වී ඇත. 

කළුතර දිස්ත්‍රික්කයෙන්  ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 280 දෙනෙකු වාර්තා වී ඇති අතර  කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ද ඊයේ  ආසාදිතයින් 297 දෙනෙකු වාර්තා වී තිබේ. 

ඊට අමතරව මෙරට සෙසු දිස්ත්‍රික්ක ලෙස ගාල්ල -  278 ක්,  මහනුවර 172 ක්,   මාතර 109ක්, කෑගල්ල 109ක්, මාතලේ 118ක්, අනුරාධපුර 108ක්, ත්‍රිකුණාමලය 93ක්, හම්බන්තොට 82ක්, පොලොන්නරුව 70ක්, බදුල්ල 34ක්, අම්පාර 21ක්, මුලතිව් 08, මන්නාරම 07, නුවරඑළිය 59, රත්නපුර 74, පුත්තලම 47, යාපනය 86, කිලිනොච්චිය 44ක්, හම්බන්තොට 82ක්, මොණරාගල 14ක්, වව්නියාව 06, මඩකලපුව 05ක් සහ විදේශ ගතව සිට පැමිණි පුද්ගලයින් 09 ක් ලෙස  ඊයේ කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න