තෙල්දෙණියේ විමර්ශන හමුවේ පොහොට්ටුව නොසන්සුන් !

තෙල්දෙණියේ විමර්ශන හමුවේ පොහොට්ටුව නොසන්සුන් !

තෙල්දෙණියේ ඇතුළු මහනුවර තදාසන්න ප්‍රදේශවල එල්ලකෙරෙමින් තිබෙන ජාතිවාදී ප්‍රහාරයන් මෙහෙයවීමේ චෝදනාව ඒකාබද්ධ විපක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ශවය වෙත යොමුවීම ගැන ලැබුණු තොරතුරක් හේතුවෙන් එම පාර්ශවය දැඩි නොසන්සුන්තාවකට පත්ව ඇති බව වාර්තා වෙයි.

අදාළ තොරතුර සම්බන්ධව විමසීමේදී ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයන් ඒ බව තහවුරු කර සිටි අතර ඔවුන් වැඩිදුරටත් සඳහන් කර සිටියේ ආරක්ෂක ආරංචිමාර්ග වෙතින් තම පාර්ශවයට ඒ බව දැනගන්නට ලැබුණු බවය.

රාජිත ඇමතිගේ අනාවරණය

467059 rajitha senaratne afp

ඊයේ(7) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී රාජිත අමාත්‍යවරයා සඳහන් කර සිටියේ තෙල්දෙණියේ ඇතුළු මහනුවර තදාසන්න ප්‍රදේශවල එල්ලකෙරෙමින් තිබෙන ජාතිවාදී ප්‍රහාරයන් පසුපස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙක්, අලුත් පක්ෂයකින් මෙවර් පළාත් පාලන මැතිවරණයකින් තේරී පත්ව සිටින නියෝජිතයන් දෙදෙනෙක්, මන්ත්‍රී ලේකම්වරයෙකු, දිස්ත්‍රික් සංවිධායකයකු සිටින බවට මේ වන විට හඳුනාගෙන ඇති බවය.

එසේම අදාළ දේශපාලන පක්ෂයට සම්බන්ධ චීවරධාරීන් කිහිපදෙනෙකු සහ ආරක්ෂක අංශවල සේවය කල සහ මේ වන විටත් සේවය කරමින් සිටින කිහිපදෙනෙකුද මේ සඳහා මැදිහත්ව ඇති බවද රාජිත අමාත්‍යවරයා එහිදී පැවසීය.

CID ය බොරු සාක්ෂි හදනවා : විමල්ගෙන් ආණ්ඩුවට චෝදනාවක්

අමාත්‍යවරයාගේ මේ අනාවරණයත් සමඟ එදිනම පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරමින් මන්ත්‍රී විමල් වීරවංශ " 'අදාළ සිදුවීම් වලට වගකිව යුත්තේ ලොහොන් රත්වත්තේ සහ දිලුම් අමුණුගම’ යනුවෙන් වාර්තාවක් සැකසීමට සී අයි ඩී ප්‍රධානී ෂානි අබේසේකර දැන් මහනුවරට එවා තිබෙනවා" යැයි පැවසීය.

wimal weerawansa

බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලූ තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ පනත් කෙටුම්පත පිළිබඳ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කල අතර මහනුවර සිදුවීම තමන්ගේ දේශපාලන විරුද්ධවාදියකු පිට පටවා ඇඟ බේරා ගැනීමට මේ ආණ්ඩුව සූදානම් වන බවත් ඒ සඳහා බොරු සාක්ෂි නිර්මාණය කරන කුපාඩිවැඩක ආණ්ඩුව සිටින බවද ඔහු පැවසීය.

කෙසේ වුවත් රාජිත සේනාරත්න අමාත්‍යවරයා කැබිනට් තීරණ දැනුම්දුන් මාධ්‍ය හමුවේදී කිසිඳු දේශපාලන පක්ෂයක හෝ පුද්ගල නාමයන් සඳහන් කර සිටියේ නැත.

රාජිත ඇමති නමක් කිව්වේ නෑ - ආණ්ඩුව කියයි

මේ සම්බන්ධව අදහස් පළකරමින් ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයෙකු සඳහන් කර සිටියේ විමල් වීරවංශ මන්ත්‍රීවරයා අනවශ්‍ය ලෙස තම පාර්ශවයේම මන්ත්‍රීවරුන් දෙදෙනෙක්ගේ නම් අනාවරණය කරමින් ඉල්ලං කෑමක් සිදුකරගෙන ඇති බවය.

රාජිත අමාත්‍යවරයා කැබිනට් තීරණ දැනුම්දෙන මාධ්‍ය හමුවේදී අදාළ මන්ත්‍රීවරුන් මහනුවර නියෝජනය කරන්නන් බව සඳහන් නොකළ බවත් ඒ හමුවේ දිළුම් හා ලොහාන් කියමින් තම පාර්ශවය නියෝජනය කරන මහනුවර මන්ත්‍රීවරුන්ගේ ගිණුමක් විවෘත කර ලොකුම කුපාඩිකම සිදුකර ඇත්තේ විමල් මන්ත්‍රීවරයා බවද එම අමාත්‍යවරයා සඳහන් කරයි.

එසේම කිසිඳු අවස්ථාවක ආණ්ඩුව මිනිසුන් හෝ කණ්ඩායම් අවධානමේ හෙලන ආකාරයට කටයුතු කර නොමැති බවත් නමුත් විමල් මන්ත්‍රීවරයා නම් පසුගියදා පාර්ලිමේන්තුව හමුවේ ගැටුමේ මහමොලකරු ලෙස ජාතික ඇඳුම අඳින කොළඹ නියෝජනය කරන මන්ත්‍රීවරයකු ගැන කියමින් වෛරී ප්‍රකාශයක් සිදුකල බවද අමාත්‍යවරයා සිහිපත් කළේය.

image 1515406497 26575ea8e0

විමල්ගේ වචන සෙල්ලම් සහ ගම්මන්පිලගේ කඩු සෙල්ලම්

තවද රටේ ජාතිවාදය වැපිරීම යන්න විමල්ගේ ජීවන උපාය බවත් ආගම්වාදී ජාතිවාදී පදනමින් මිනිසුන් භේදකර භීතියේ නාමයෙන් දරුවන් පෝෂණය කරන්නට තරම් පහත තත්ත්වයකට වැටී සිටින පුද්ගලයකුගේ ප්‍රකාශ කිසිවෙක් බරපතල ලෙස නොගත යුතු බවද අමාත්‍යවරයා පවසයි.

එසේම විමල් වීරවංශ මන්ත්‍රීවරයා සහ ඔහු විසින් නඩත්තු කරන චීවරධාරීන් පසුගිය සමය පුරා ජාතිකත්ව බෙදීම් ඇතිවන ආකාරයේ දරුණු මුසාවාද සාමාජගත කල බවත් ඒ හමුවේ අදත් පුද්ගලික ගැටුමක් ජාතිවාදී කෝලාහලයක් බවට පත්වන තැනට සමාජය පහතට වැටී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ගම්මන්පිලගේ රෑ දනියෙල් දවල් මිගෙල් සෙල්ලම

එසේම ගම්මන්පිල කඩු අරගෙන නටපු නාඩගම් වල ප්‍රථිපල ලෙසද මහනුවර ගැටුම සැළකිය හැකි බවත් මේ සියළු දෙනා සිය පැවැත්ම වෙනුවෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිතව සාමය හා සංහිඳියාවට වෛරකරන්නන් බවද අමාත්‍යවරයා චෝදනා කර සිටියේය.

තවද මේ වන විට ජාතික සමඟිය ගැන බොරු කතා කියමින් ගම්මන්පිල නිවේදන නිකුත් කළද ඔහුගේ කඩු සෙල්ලමේ ගායකයා වන මධුමාදව වැනිවුන් ජාතිවාදය වපුරන බවත් දියුණුවීමට අපේක්ෂා කරන සාමයට ලැදි ජනතාව මේ දෙබිඩි තක්කඩි දේශපාලනය ගැන හොඳින් අවබෝධ කරගත යුතු බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

Capture 1

Capture34542

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න