උණුසුම්කාරී තත්ත්වය පාලනය කොට සුරක්ෂිත වටපිටාවක් තහවුරු කිරීම සඳහා උපරිම සහය ලබාදෙන ලෙස සිංහල දමිල මුස්ලීම් ජනතාව ඇතුළු සියළු ජනකොටස් වලින් ඉල්ලා සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි.
විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කරන අතර මහනුවර දිස්ත්‍රික්කය තුළ ඇඳිරිනීතිය පනවා ඇති බැවින් හා රටපුරා හදිසි නීතිය ද ක්‍රියාත්මක බැවින් සාමකාමීව කටයුතු කරන ලෙසද එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත.
එසේම පුජ්‍ය පක්ෂයට අනතුරු සිදුව ඇති බවට විවිධ කටකතා පතුරවන නමුත් එබඳු කිසිවක් සිදුව නොමැති බවත් මහජනතාව නොමග යවන, වෛරය පතුරවන සහ ජනතාව කුපිත කරවන සුළු අසත්‍ය ප්‍රකාශ මැඩපැවැත්වීම සඳහා සමාජ ජාලා තාවකාලිකව අවහිරකොට ඇති බවද අග්‍රාමාත්‍යවරයා නිකුත් කල නිවේදනයේ දැක්වේ.
තවද මහනුවර දිස්ත්‍රික්කය පුරාම ත්‍රිවිධ හමුදාව, විශේෂ කාර්ය බලකාය හා පොලිසිය යොදවා ඇති බවත් ත්‍රිවිධ හමුදා ආරක්ෂක හා පොලිස් කටයුතු සම්බන්ධීකරණය සඳහා මධ්‍යම ප්‍රදේශයේ ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් රුක්මන් ඩයස් පත්කොට ඕනෑම ආකාරයක නොසන්සුන් තත්ත්වයක් පාලනය කිරීමට උපදෙස් නිකුත් කර ඇති බවද එහි සඳහන්ව තිබේ.
එමෙන්ම ප්‍රචණ්ඩකාරී ක්‍රියාකාරකම් මෙන්ම කොල්ලකෑම් ආදී නීති විරෝධී ක්‍රියාවන්වල නිරතවන පුද්ගලයින්ට හා කණ්ඩායම් වලට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන ඇති බවත් බොරු ප්‍රචාර වලට නොරැවටී වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙසද අග්‍රාමාත්‍යවරයා සිය නිවේදනය හරහා දැනුම්දී සිටියි.

