කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ පක්ෂග්‍රාහී හැසිරීම හේතුවෙන් තම පක්ෂයේ මන්ත්‍රීවරුන් අවස්ථා ගණනකදී දැඩි මානසික ආතතියකට සහ පීඩනයකට ලක්වූ බව සඳහන් ලිපියක් සමගි ජනබලවේගය මන්ත්‍රී කණ්ඩායම විසින් කතානායක වෙත යොමුකර ඇත.
ආණ්ඩුවේ සමහර යෝජනා වලට විරුද්ධවීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ඇති අයිතිවාසිකම් සහ පාර්ලිමේන්තු වරප්‍රසාද නොතකා සිතාමතා කතානායක කටයුතු කල අවස්ථා කිහිපවිටක්ම නිරීක්ෂණ වී ඇති බවත් එම ලිපියේ සඳහන් කර ඇත.
සීනි බදු සංශෝධන යෝජනාව, උසාවියෙන් වරදකරු කර සිටින ආණ්ඩු පක්ෂයේ ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයාට ලබාදුන් වරප්‍රසාද රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාට ලබානොදීම ඇතුළු අවස්ථා කිහිපයක් එම ලිපියේ සඳහන් කර ඇත.
විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායමේ පිරිසකගේ අත්සනින් කතානායක වෙත යොමුකෙරුණු අදාළ ලිපිය පහත දැක්වෙයි.







newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
