දේශපාලන පළිගැනීම් පිළිබඳ උපාලි අබේරත්න ජනාධිපති විමර්ශන කොමිසන් සභා නිර්දේශ ක්‍රියාත්මක කිරීම නියමිත වන්නේ ඊට අදාළ දෙවැනි කොමිසමේ නිර්දේශ ලබාගැනීමෙන් පසුව බව ජනාධිපති වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන අභියාචනාධිකරණයට දන්වා ඇත.
අදාළ දැනුම්දීම අද (30) සිදුකර ඇති අතර ඒ දේශපාලන පළිගැනීම පිළිබඳ උපාලි අබේරත්න ජනාධිපති විමර්ශන කොමිසන් සභා නිර්දේශ ක්‍රියාත්මක කිරීමට එරෙහිව ජවිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක විසින් ගොනු කර තිබූ පෙත්සම පිළිබඳ කරුණු දක්වමින්ය.
මේ අනුව එම නඩුවේ කරුණු දැක්වීම මැයි 12 දක්වා කල් තබා තිබේ. ජවිපෙ නායක අනුර දිසානායක වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින්ට කරුණු දැක්වීම සඳහා අවස්ථාව අද ලබාදී තිබූ නමුත් ජනාධිපතිවරයාගේ මෙම තීරණය නිසා නැවත දිනයක් ලබාදීමට විනිසුරැවරයා තීරණය කොට තිබේ.
ජනාධිපතිවරයාගේ නීතිඥයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ උපාලි අබේරත්න කොමිසමේ නිර්දේශ තවදුරටත් සලකා බලන ලෙස නිර්දේශ ක්‍රියාත්මක කිරීමට පත්කළ දෙවැනි කොමිසමට උපදෙස් ලබාදී ඇති බවයි.
කෙසේ වෙතත් දෙවැනි කොමිසම පසුගිය ජනවාරි මස 29 වෙනිදා පත්කළ අතර එය මාස 03ක් දක්වා ක්‍රියාත්මක වීමට නියමිතය.
එනම් ලබන අප්‍රේල් මස 29 වෙනි දින දක්වාය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
