ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සකස් කළ නව යෝජනාව ඉදිරිපත් කෙරෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල (UNHRC) සැසිය අද (23) පැවැත්වුණු අතර ඊට අදාළව පැවති ජන්ද විමසීමේ ප්‍රතිඵලය වූයේ යෝජනාවට පක්ෂව ජන්ද 22ක් සහ විපක්ෂව 11ක් වශයෙනි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් 14ක් එහිදී ජන්දය දීමෙන් වැළකී සිටිනු ලැබිණ.
46 /1 යෝජනාව ලෙස මෙය නම් කර ඇති අතර යෝජනාවට විරුද්ධව (ලංකාවට පක්ෂව ) ජන්දය දුන් රටවල් වනුයේ බොලීවියාව, චීනය , පාකිස්ථානය, බංග්ලාදේය, පිලිපීනය, රැසියාව, උස්බෙකිස්තාන්, කියුබාව, එරිත්‍රියාව, වෙනිසියුලාව, සෝමාලියාව ය.

ප්‍රංශය, ජර්මනිය, එංගලන්තය, ඉතාලිය, ආජන්ටිනා, ඕස්ට්‍රියා, බහමාස්, ආමේනියා, ආජන්ටිනාව, බ්‍රසීලය, ෆීජී, බල්ගේරියා, අයිවරි කොස්ට්, කොරියාව, පෝලන්තය, යුක්‍රේනය, උරුගුවේ, මෙක්සිකෝ, මලාවි, මාෂල් අයිලන්ඩ්, ඩෙන්මාර්ක් හා චෙක් ජනරජය, නෙදර්ලන්තය යෝජනාවට පක්ෂව (ලංකාවට විරුද්ධව ) ඡන්දය ප්‍රකාශකළ රටවල් විය.
තවද ජන්දය භාවිතා නොකළ රටවල් වනුයේ ඉන්දියාව, බහරේන්, ගැබෝන්, සෙනගාල්, සුඩාන්, ටොගෝ, ඉන්දුනීසියාව, ලිබියාව, ජපානය, නැමීබියාව, නේපාලය, කැමරොන් හා බුර්කිනා පාසෝ , නැම්බියා යන රටවල්ය.
2012 වසරෙන් පසු ශ්‍රී ලංකාවේ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සහ මානව හිමිකම් හා වගවීමේ ක්‍රියාවලියට අදාළව කවුන්සිලයට ඉදිරිපත් වන 6 වැනි යෝජනාව මෙයයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
