ගෙවුණු ටයර් සහිත වාහන පදවන රියදුරන්ට නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ආරම්භ කෙරුණු විශේෂ මෙහෙයුම් අද (23 ) සහ හෙට (24 ) දින වලද තදින් ක්‍රියාත්මකවනු ඇති බව වාර්තා වෙයි.
අදාළ මෙහෙයුම ඊයේ (22 ) ආරම්භවූයේ පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ නියෝගයක් අනුවය.
වාර්තා වන ආකාරයට මෙම මෙහෙයුම එක් කොට්ටාශයක එක් මෙහෙයුමක් ලෙස ප්‍රධාන ස්ථාන ආවරණය වන පරිදි දිනකට මෙහෙයුම් ප්‍රමාණය සහ කාලය ගැනද අදාළ නියෝගයේ සඳහන් බවත් වාර්තා වෙයි.එසේම දින තුන අවසානයේ කොට්ටාශ ප්‍රධානීන් හරහා මෙහෙයුමේ සංෂිප්ත වාර්තාවක් පොලිස් රථවාහන මුලස්ථානය වෙත කැඳවා ඇති බවත් වාර්තා වෙයි.
කෙසේ වුවත් රථ වාහන හිමියන් පවසන්නේ ආනයන සීමා හේතුවෙන් ටයර් මිල ඉහළ ගොස් ඇති බවය. තවද ඇතැම් ප්‍රදේශ වල ටයර් හිඟ බවත් සමාජ මාධ්‍ය තුළ චෝදනා නැගෙමින් තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
