කොරෝනා අවදානම මෙරටින් පහව ගොස් නොමැති අවස්ථාවක නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් කටයුතු කරන්නැයි රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ජනතාවගෙන් ඉල්ලා සිටී.
උත්සව සමයේ ජනතාව වැඩි වශයෙන් රැස්වන ස්ථානවලට යාමෙන් වළකින ලෙසද ය අමාත්‍යවරිය ජනතාවගෙන් ඉල්ලා සිටී.
මේ අතර මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 89,846ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ, ඊයේ දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 346 දෙනෙකු හඳුනා ගැනීමත් සමගිනි.
වෛරසය ආසාදිතව මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 2,836කි.
සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 86,466ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කළේ ය.
මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව ද 545 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
