යුද්ධ හමුදාව විසින් මුල්ලියාවේලි ප්‍රදේශයේදී සිදු කරන ලද සෝදිසි කිරීමකදී පාවිච්චියට නුසුදුසු කාලතුවක්කු පතොරම් තොගයක් සොයා ගනී.
මුල්ලියාවේලි ප්‍රදේශයේදී අද දින(28) උසාවි නියෝගයකට අනුව සිදු කරනු ලැබූ සෝදිසි කිරීමකදී 9 වන ක්ෂේත්‍ර ඉංජිනේරු බලකාය සමග මුල්ලියාවේලි පොලිස් ස්ථානය එක්ව පාවිච්චියට නුසුදුසු කාලතුවක්කු පතොරම් තොගයක් සොයා ගෙන ඇත.
එම පතොරම් තොගයෙහි මිලි මීටර 152 කාලතුවක්කු උණ්ඩ 110ක්, මිලිමීටර් 122 කාලතුවක්කු උණ්ඩ 36ක්, මිලි මීටර් 152 කාලතුවක්කු කාට්‍රිජ් 49, මිලි මීටර් 122 කාලතුවක්කු කාට්‍රිජ් 29ක් සහ විලායක 10ත් සොයාගෙන ඇත.
මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ 9 වන ක්ෂේත්‍ර ඉංජිනේරු බලකාය සමග මුල්ලියාවේලි පොලිස් ස්ථානය එක්ව සිදු කරනු ඇත.
{gallery}mulliyawelee{/gallery}

