වත්මන් ආණ්ඩුව බලයට පත් කිරීමට පෙරමුණ ගත් භික්ෂූන් වහන්සේලා, වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන විසින් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් දක්වන අදහස්වලට ආණ්ඩුව ඇහුම්කම් දිය යුතු බව අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීම ඉදිරි සතියේදී රැස් වන බවද ඔහු පවසන අතර ඒ වලස්මුල්ලේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් පක්ෂයේ මතය ඉන් අනතුරුව ප්‍රකාශ කරන බවද ඔහු පැවසු අතර කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රටේ ජාතික සම්පත් පෞද්ගලිකරණය කිරීමට කිසිසේත්ම එකඟ වන්නේ නැතැයි ද පවසා ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
