වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක යළිත් වරක් ස්වයං නිරෝධානයට යොමුවී ඇති බව වාර්තා වෙයි.
ඒ කොරෝනා ආසාදිත රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ සමීප ආශ්‍රිතයෙකුවීම හේතුවෙන් ය.
ඒ අනුව තමන් ස්වයං නිරෝධායනයට යොමුවු බව අමාත්‍ය සී.බී රත්නායක සඳහන් කරන අතර ඔහු අරුන්දික රාජ්‍ය අමාත්‍යවරයාගේ සමීප ආශ්‍රිතයකු වී ඇත්තේ පසුගිය 24 වනදා වලපනේ ප්‍රදේශයේ කිතුල් ක්ෂේත්‍රයට අදාළ භාණ්ඩ බෙදාදීමේ උත්සවයක් සඳහා සහභාගී වෙමිනි.
කොවිඩ් ආසාදනය වු ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ ආශ්‍රිතයෙකුවීම හේතුවෙන් මීට පෙර අවස්ථාවක දි ද සී.බී රත්නායක අමාත්‍යවරයා ස්වයං නිරෝධායනට යොමුව සිටි බව වාර්තා විය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
