කොරෝනා ආසාදිත බවට තහවුරු වූ ආණ්ඩු පාර්ශවයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර පසුගිය 19 වන දා පාර්ලිමේන්තුවට පැමිණ ඇතැයි, පාර්ලිමේන්තු ආරංචිමාර්ග පවසයි.
මේ හේතුවෙන් CCTV දර්ශන ඇසුරින් ඔහුගේ ආශ්‍රිතයින් සෙවීම ආරම්භ කර ඇති බවත් දැනගන්නට ඇත.
ඒ අනුව මේ වන විට කොරෝනා ආසාදනය වී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 6 ක් වෙයි.
දයාසිරි ජයසේකර, රවුෆ් හකීම්, වාසුදේව නානායක්කාර, පවිත්‍රා වන්නිආරච්චි සහ පියල් නිශාන්ත යන මැති ඇමතිවරුන් මීට පෙර ආසාදිතයන් බව තහවුරු විය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
