මේ වන විට සිව් වසරක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියමව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට ඉදිරියේදී පාර්ලිමේන්තු පැමිණීමට අවස්ථාව තිබේද ? නැද්ද යන්න සම්බන්ධව තීරණයක් ගෙන දැනුම්දීම සඳහා තමන්ට සති තුනක කාලයක් ලබාදෙන ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන අද (19) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අද දින පාර්ලිමේන්තුවට නොකැඳවීම සම්බන්ධව විපක්ෂය විමසූ අවස්ථාවේ ඊට පිළිතුරු ලෙසය.
එහිදී කතානායක පවසා සිටියේ මේ සම්බන්ධව නීති උපදෙස් ඇතුළුව වැඩිදුර අධ්‍යයනය කළයුතු බවය.
එසේම මේ වන විට මරණ දඬුවම ලබා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තුවට කැඳවනු ලැබුවේ විධිමත් අධ්‍යයනයකින් පසුව බවත් ඔහු පැවසීය.
ඔහුව නඩු තීන්දුවට පසුදින පාර්ලිමේන්තු නොකැඳවූ බවත් කරුණු සොයා බලා නීත්‍යානුකූල උපදෙස් අනුව කැඳවීම සිදුකළ බවත් කතානායක පාර්ලිමේන්තුව හමුවේ පවසා ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
