අද (18) පැවැති පක්ෂ නායක රැස්වීමේදී සිරගතව සිටින විපක්ෂයේ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ජා වී ඇති බව දනගන්නට තිබේ.
එහිදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සහ දෙමළ සන්ධානයේ සාමාජික එම්. ඒ. සුමන්තිරන් මහතා පෙන්වා දී ඇත්තේ ප්‍රේමලාල් ජයසේකර මහතාට (චොකා මල්ලි) මිනීමැරුම් සිද්ධියකට මරණ දඩුවම ලබා දී තිබියදී පාර්ලිමේන්තු පැමිණීමට අවස්ථාව ලබා දිය හැකි නම් රන්ජන් රාමනායක මහතාටද පාර්ලිමේන්තුවට පැමිණීමට අවස්ථාව ලබා දිය යුතු යැයි කියාය.
එම තීන්දුව කතානායකවරයා විසින් ගත යුතු බවද එහිදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් පෙන්වා දී තිබේ.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් කතානායකවරයා අවසන් තීන්දුවක් දී නොමැති බවද දැනගන්නට ඇත.
(මව්රට )
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
