දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංගම් ඝාතන සිද්ධියට බන්ධනාගාර ගතව සිට ඇප මත නිදහස් කර සිටි මඩකලපුව දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන්ට එරෙහි පවරා තිබූ නඩුව ඉවත දමමින් ඔහු නිදහස් කිරිමට මඩකලපුව මහාධිකරණ විනිසුරු එස්. සුසයිදාසන් නියෝග කර ඇත.
මෙම ඝාතන නඩුව පසුගිය සදුදා (11) මහාධිකරණයේදී මහාධිකරණ විනිසුරු ඩි සුසයිදාසන් හමුවේ විභාගයට ගෙන තිබු අතර එහිදී නීතිපති වෙන්වෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා පවසා ඇත්තේ නඩුවේ සාක්ෂි ගොනුකර ඉදිරියට ගෙනයාමට අවශ්‍යතාවක් නොමැති බවය.
පිල්ලෙයාන් ඇතුළු එම සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි නැගෙනහිර පළාත් සභා හිටපු මන්ත්‍රී එඩ්වින් කිරුෂානන්දන් සහ ප්‍රදීප් මාස්ටර් ඇතුළු සිව්දෙනෙකු නිදහස් කිරීමට නියෝග නිකුත් කර ඇත්තේ ඒ අනුවය.
මේ සම්බන්ධව මංගල සමඟ අලුත් ගමනක් හී මෙවැනි සටහනක් තබා තිබිණ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
