කොරෝනා ආසාදනය වී ඇති අමාත්‍ය වාසුදේව නානායක්කාර සමීපව ආශ්‍රය කළ මන්ත්‍රීවරුන් 10ක් මේ වන විට පළමු පෙළ ආශ්‍රිතයින් ලෙස හඳුනාගෙන ඇති බව වාර්තා වෙයි.
ඔවුන් සහ අදාළ අංශ මේ වන විට දැනුවත් කිරීමට පියවර ගෙන ඇතැයි පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මාධ්‍ය වෙත පවසා ඇත.
වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා පසුගිය පාර්ලිමේන්තු රැස්වීම් වාරයේ දී දින 4 ම පාර්ලිමේන්තුවට පැමිණ තිබු බව ද ඔහු සඳහන් කර ඇත.
මේ අතර කතානායක පවසා ඇත්තේ එළඹෙන 13 සහ 15 යන දිනවල දී පෙ.ව 10 සිට පස්වරු 3 දක්වා පීසීආර් පරීක්ෂණ පැවැත්වීමට සෞඛ්‍ය අංශ කටයුතු යොදා ඇති බවත් එදිනට ඒ සඳහා අදාළ මන්ත්‍රීවරුන්ගේ පැමිණීම අපේක්ෂාකරන බවත්ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
