පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ට එරෙහිව පවතින නඩුව තවදුරටත් පවත්වාගෙන යාමට බලාපොරොත්තු නොවන බව නීතිපති දෙපාර්තමේන්තුව අද (11) දින මඩකලපුව අධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වෙයි.
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් පරරාජසිංහම් ඝාතනය කිරීම යන චෝදනාව මත පිල්ලෙයාන්ට එරෙහිව මෙම නඩුව පවරා තිබිණ.
දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් පරාරාජසිංගම්ව 2005 දෙසැම්බර් 25 වන දින මඩකලපුවේ ශාන්ත මරියා දේවස්ථානයේදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් 2015 දි පිල්ලෙයාන් ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන රදවා තබන ලදී. ඒ අනුව දැන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් පරාරාජසිංගම් ගේ ඝාතනය පමණක් සිදුව ඇත. චෝදනා ලැබුවෙක් නැති පාටය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
